CK Orchid Academy

Learn Orchid Care from Our Garden

Watch practical orchid growing and care sessions shared by CK Orchid.

නිරෝගීව වැඩුණු, ශක්තිමත් පත්‍ර සහ හොඳින් වර්ධනය වූ මුල් පද්ධතියක් සහිත සුන්දර සුදු කැට්ලෙයා ඕකිඩ් පඳුරක්

සුදු කැට්ලෙයා පැළයක් විශාල මල් පඳුරක් බවට පත් කිරීමට නම් මුල් පද්ධතිය සහ නව Bulbs වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.

අනවශ්‍ය ලෙස පැළය බෙදීමෙන් වළකින්න

මාධ්‍යය වියළීමට ආසන්න වූ විට හොඳින් ජලය දමන්න.

Watch on YouTube

ඕකිඩ් පැළයකට නිවැරිදිව පොහොර දමන ආකාරය 02

මෙම වීඩියෝවෙන් ඕකිඩ් පැළ සඳහා සුදුසු පොහොර වර්ග තෝරාගැනීම, නිවැරදි ප්‍රමාණයෙන් පොහොර යෙදීම, පොහොර යෙදිය යුතු කාලසටහන සහ ශාකවල නිරෝගී වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක පිළිබඳව ඔබට දැනගත හැකිය.

වාණිජ මට්ටමින් ඕකිඩ් වගා කරන ඔබටත්, නිවසේ ගෙවතු වගාවක් ලෙස ඕකිඩ් පැළ පවත්වාගෙන යන ඔබටත් මෙම උපදෙස් ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

Watch on YouTube

ඕකිඩ් පැළයකට නිවැරිදිව පොහොර දමන ආකාරය 01

පොහොර යෙදීම පමණක් මල් හටගැනීමට ප්‍රමාණවත් නොවේ. ආලෝකය, ජලය, උෂ්ණත්වය සහ ඕකිඩ් වර්ගයද බලපායි.

වැඩිපුර පොහොර යෙදීමෙන් මුල් පිළිස්සීමට හා කොළවල අග දුඹුරු වීමට ඉඩ ඇත.

උදෑසන කාලයේ පොහොර යෙදීම වඩාත් සුදුසුය.

Watch on YouTube

ඕකිඩ් පැළයක් නිවැරිදිව සිටුවීම 04

ඕකිඩ් වගාව සඳහා නිවැරදි ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. නිරෝගී පැළයක් ලබා ගැනීමට සහ මල් හටගැනීම දිරිමත් කිරීමට මෙම වීඩියෝව ඔබට උපකාරී වනු ඇත.

මල් වගාව සඳහා උනන්දුවක් දක්වන ඔබට අපගේ CK Orchid තවානට පැමිණ උසස් තත්ත්වයේ පැළ තෝරාගත හැක.

Watch on YouTube

ඕකිඩ් පැළයක් නිවැරිදිව සිටුවීම 03

ඕකිඩ් පැළයක් හොඳින් වර්ධනය වීමට දීප්තිමත් නමුත් වක්‍ර ආලෝකය සහ හොඳ වාතාශ්‍රය ලබාදීම ඉතා වැදගත්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උණුසුම් දේශගුණය තුළ මේ කරුණු දෙක නිවැරදිව පාලනය කළ යුතුයි.

අපි මෙහිදී පැළයක මූල පද්ධතිය සහ කොළ පරීක්ෂා කරමින් ඕකිඩ් පැළ සිටුවීම සිදුකරන ආකාරය පෙන්වා දෙන්නෙමු.

Watch on YouTube

ඕකිඩ් පැළයක් නිවැරිදිව සිටුවීම 02

නිවැරදි ආලෝකය සහ පරිණත වර්ධනය ඉතා වැදගත්.

පොහොර පමණක් වැඩි කිරීමෙන් මල් වැඩි නොවේ.

නිවසේ ඕකිඩ් වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට මෙම උපදෙස් ප්‍රයෝජනවත් වනු ඇත.

Watch on YouTube